Zoom Lens එකක උපරිම කාච ද්වාර (F) අගයන් දෙකක් තිබීමට හේතුව (උදා – 75-300 F 4-5.6)

කාචයක නාභි දුරේ සම්මත ඒකකය වනුයේ f අංකය වේ. එහි ගණිතමය අර්ථ දැක්වීම පහත පරිදි වේ..

fඅංකය =   කාචයේ නාභි දුර   /කාච විවරයේ විශ්කම්භය

මෙම සමීකරණය ඇසුරෙන් පෙනීයන්නේ කාච විවරයේ විශ්කම්භය වැඩිවන විට fඅංකය අඩුවන බවය.

aperture

උදාහරණයක්‌ ලෙස,

නාභි දුර = 70 mm

කාච ද්වාරයේ විශ්කම්භය = 17.5 mm ලෙස සලකමු.

fඅංකය =  (70 mm)/(17.5 mm)  = 4

දැන් කාච විවරයේ විෂ්කමභය නොවෙනස්ව නාභි දුර 105 mm දක්වා වැඩි කළහොත්,

fඅංකය =  (105 mm)/(17.5 mm) = 6

මේ ආකාරයට නාභි දුර වැඩිකරන විට කාචයක fඅංකය නියතව පැවතීමට නම් එම කාචයේ ද්වාරය විෂ්කම්භයද අනුරූපව වැඩි විය යුතුය.

105 mm හී දී f4 අගයක් පැවතීමට නම්,

කාච ද්වාර විෂ්කම්භය = 105mm/ 4  =26.25 mm

මෙසේ කාචයේ නාභි දුර වැඩි කරන විට ඊට අනුරූපව කාච ද්වාරයේ විශ්කම්භය වැඩි කිරීමේදී ප්‍රයෝගික ගැටළු මතු වේ. උදාහරණයක් ලෙස 300 mm වැනි වැඩි නාභි දුරකදී f4 අගයක් ලබා ගැනීමට කාච ද්වාරයේ විශ්කම්භය 75 mm විය යුතුය. එනම් කාචය ඉතා විශාල විය යුතුය.

එබැවින් දුර කාචවල නාභිදුර බොහෝ විට f4 හෝ ඊට වැඩි අගයකට සීමා වේ. සාමාන්‍ය මිලෙන් අඩු කාචවල දුර අන්තයේදී වැඩි F අගයක් ඇත්තේ මේ හේතුවෙනි.

උදා – Canon 75-300 f4-5.6 (රු.30 000)
Canon 75-300 is f4-5.6 (රු.70 000)

Canon 70-300mm f4-56

70 mm අන්තයේ f 4                   300mm අන්තයේ f5.6

Zoom කාචයක අන්ත 2 දෙක දීම fඅංකය නියතව පැවතීම සදහා නාභි දුරේ වැඩිවීමට සාපේක්ෂව කාච විවර විෂ්කම්භය වැඩි විය යුතුය. මෙවැනි කාච තැනීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. එමෙන්ම මෙම කාචවල විශාල විශ්කම්භයෙන් යුත් කාච භාවිත කරයි.

උදාහරණ:-

Canon 70-200 f4 (රු.110 000)

Canon 70-200 f2.8 (රු.260 000)

images (5)

මෙවැනි කාච සාපේක්ෂව ඉතා මිල අධිකය.

Canon 70-300 f 4-5.6  , Canon 70-200 f 4  හා Canon 70-200 f 2.8  කාව විෂ්කම්භ වල වෙනස වටහාගන්න .

photo_70-200-compared

සේයා රූ කතා බහේ (https://www.facebook.com/groups/phototalks)  සිදුවූ කතා බහක් ඇසුරෙනි. 
අදහස් – ඉන්ද්‍රනාත තේනුවර මහතා, රන්ජිත් විජේකෝන් මහතා , ප්‍රමිත සුරියප්පෙරුම මහතා , ජනක බස්නායක මහතා හා උපුල් දයාවංශ මහතා..

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s