පන්සල් හා බිස්නස්

බුද්ධාගම යනු බුද්ධිය මෙහෙයවා තේරුම්ගත යුතු ආගමකි. තම බුද්ධිය මෙහෙයවා තමන් විසින්ම තේරුම්ගත යුතු දර්ශනයකි. එහි නිතිමාලාවක් නැත. කිසිවෙකුත් බලෙන් බැද තබගන්නේද නැත. මා දන්නා තරමින් ලෝකයේ ඇති ප්‍රධාන ආගම් අතරින් වැඩිම නිදසහසක් ලබාදී ඇති ආගමද එයවේ .

බුද්ධිමත්ව බුදුන් මග යන ගිහි පැවදි පුද්ගලයන් සිටින තුරු නිර්මල බුදුදහම සුරක්ෂිතය. නමුත් මේ වන විට බුද්ධ සාසනය  බෙහෙවින් පිරිහී ඇත. මක්නිසාද යත් බුද්ධාගමේ තිබෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්නා ගිහි පැවදි යනාදී පුද්ගලයන් තමන්ගේ වැරදි වසාගැනීමේ අවරනයක් බවට පත් කරගෙන තිබෙන නිසාය. මා  මේ කතා කරන්නේ ඉහත කී එක්තරා පිරිසක් ගැන පමණි.

බෞද්ධයන් පන්සල් වලින් ඇත්වී ඇතැයි යන්න අද නිතර ඇසෙන දෙයකි. කාර්යබහුල ජිවන රටා , බටහිරකරණය (පොෂ් වීම ) වැනි හේතු ගණනාවක් එයට ඇත. නමුත් නිතර කතා නොවන තවත් එක් හේතුවක්ද ඇත. එනම් ඇතැම් චිවරධාරින්ගේ ක්‍රියා කලාපයයි. අද වන විට ඇතැම් චිවරධාරින් බණකට වැඩිම සදහා මුදලික් නියම කරයි. ඇතැම් පන්සල් ඉඩම්වල වැඩි කොටසක් වසාගෙන ඇත්තේ අමතර පන්ති පැවැත්වීම වැනි වාණිජ කටයුතු සදහා භාවිතා කරන ගොඩනැගිලිය. ඇතැම් පන්සල් වල වසරේ 365 දවසෙම එක් එක් කාරනා වලට ආධාර එකතු කිරීමය. මේ කටයුතු පවත්වාගෙන යන අය පවසන්නේ මේ සියලු අදායම , මිල මුදල් සාසනයේ දියුණුව උදෙසා බවය.

පන්සලක් පවත්වාගෙන යාම සදහා අද කාලයේ යම් මුදලක් අවශ්‍ය බව සැබෑය. නමුත් මේ කටයුතු බොහොමයකින්  එකතුවන මුදල්  වලින් 50% කටත් වැඩි කොටසක් වැය  වන්නේ සාසනයට කිසිම සම්බන්ධයක් නැති යම් යම් අයගේ පුද්ගලික වුවමනාවටය. පන්සලක් යනු බැතිමතුන්ට ආදර්ශයක් දිය යුතු තැනකි. එනම් බුද්ධ දර්ශනයට අනුව අවශ්‍යතාවයට පමණක් සරිලන පරිදි පහසුකම් තිබිය යුතු තැනකි. නමුත් අද කාලයේ පන්සල් යනු දකින අයට තණ්හා උපදවන තැන්ය. ඇතැමෙකුට අවශ්‍ය වනුයේ ප්‍රදේශයේ හෝ ලංකාවේ ලොකුම පිළිමය හෝ දාන ශාලාව හෝ වෙහෙර හෝ බුදුගෙය තම පන්සල සතු කර ගැනීමටය. මම දකින ආකාරයට නම් පන්සලකට පැමිණෙන බතිමතුට පිරිස අනුව සෑහෙන පරිදි මේ සියලු දේ තිබීම  ප්‍රමාණවත්ය.  පුද්ගලිකව මගේ කැමැත්ත නම් ඉතාමත් චාම් නිස්කලංක පරිසයක් ඇති පන්සල් වෙත ගොස් වැදපුදා ගැනීමටයි. මක නිසාද යත් පන්සල් යන්නේ සැප ගැනීමට නොවන නිසාය.

ඉහත කි ආකාරයට මුදල ඉස්සර කරගත් පන්සල් නිසා සිදුවන තවත් හානියක් වනුයේ සැබෑ බැතිමතුන් පන්සල් වලින් ඉවත් වීමයි. ඇතැම්විට ගමේ සිටින දුප්පත්ම මිනිසා අන්  සියලු දෙනාටම වඩා පන්සලට ලෙන්ගතු විය හැක. මම දකින ආකාරයට නම් පන්සලක ප්‍රධාන දායකයන් විය යුත්තේ එබදු පුද්ගලයන්ය. නමුත් වර්තමානයේ පන්සලක ප්‍රධාන දායකයා  වන්නේ වැඩිම මුදලක් පුහු වැඩ වලට විසි කරනා අයවලුන්ය. ඇතැම්විට මුදල නිසා සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන්නන් පවා පන්සල් වල ප්‍රධාන දායකයන් වී ඇත. කුඩු මුදලාලිගේ හිසින් කරධුව වැඩමවද්දී  සැබෑ සිල්වතුන්ට පසෙකට වී බලා සිටීමට සිදුවී ඇත.

තවත් සමහර විවරධාරින්ට අවශ්‍ය වනුයේ රට හැදීමටය. රටට පේන්නට විශාල පින්කම් කිරීමටය. ලොකු පන්සල් සැදීමටය. නමුත් පන්සල එහා වත්තේ කන්නට අදින්නට නැතුව සිටින බෞද්දයාගේ දුක ඔවුනට නොපෙනේ. බොහෝවිට අන්‍යගමිකරණයට ලක්වන්නේ එබදු අසරනයන්ය. පන්සලේ සිට රට හැදීමට පෙර පන්සලේ දායක පිරිසගේ සුබ සාධනය ගැන බලනවානම් සිංහලයා බේරා ගනිමු . ආගම රැකගනිමු කියමින් පාරට බැසීමට  අවශ්‍ය වන්නේ නැත.

ප.ලි – මෙය කිසි සේත්ම සියලුම පන්සල් , සියලුම ස්වාමින් වහන්සේලා ගැන කතා කරන ඉපියක්‌ නොවේ. එක්තරා උප කුලකයක් ගැන පමණක් කතා කරන ලිපියකි. කිසිවෙකුට හෝ සිත් රිදවීමක් සිදුවුවා නම් සමාව අයැද සිටිමි.

Advertisements

ආදරය හා ලිංගිකත්වය පටලවා ගත් කල

awareness Final

ලග ලගම එන ආදරය විකුණන් කන්නන්ගේ “වැලන්ටයින් දිනය” වෙනුවෙන් බුකියේ පැතිරෙන එකිනෙකට වෙනස් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් දැක මගේ අදහස ඉදිරිපත් කිරිමට සිතුවෙමි.

එකකින් තරුණ තරුණියන්හට උපත් පාලන කොපු මිලදී ගැනීමට උගන්වයි. අනෙක තරුණියන් හට ප්‍රවේසම් වීමට මතක් කරදෙයි. වඩා හොද මොකක්ද ? එය ඔබටම තීරණය කිරීමට බාරකරමි.

නමුත් මේ ප්‍රචාරයන් දෙකටම හේතුවී ඇති ප්‍රශ්නය ගැන මගේ අදහස් ප්‍රකාශ කිරීමට සිතුවෙමි. එනම් මේවන විට සමාජයටම වසංගතයක් වන තරම් දරුණුවට පැතිරී ඇති විවාහයට පෙර තරුණ තරුණියන්  (ඇතැම් විට විවාහක අය හා තරුණියන් ) අතර පවතින ලිංගික සබදතාය.

මෑත අතීතයේ තාම දරු දෙදෙනා හා බිරිද පණපිටින් පුළුස්සා දැමු ස්වාමියෙකු පිළිබධව ඔබට මතක ඇති. ඒවගේම බාලවයස්කාර තරුණියක සමග පවතී අනියම් සබදතාවයක් නිසා බෝම්බයක් පුපුරවාගෙන සියදිවි හානි කරගත් හමුදා මේජර් වරයාද ඔබට මතක ඇති. එම අවාසනාවන්ත සිදුවීම් දෙකම පසුපස ඇත්තේද මේ එකම ප්‍රශ්නයයි.

අද වන විට අප සංස්කෘතියත් සීග්‍රයෙන් බටහිර ගති පැවතුම් වලට පෙලබෙන බව නොරහසකි. ඊටත් වඩා වේගයෙන් බටහිර පවතින දුසිරිත් (පෙරදිග ඇසින් බලන විට ) අප සමාජයට මුල්බැසගෙන හමාරය. පියයුරු වලින් අඩක් පෙනෙන ලෙස  ඇදුම අදින ,ඉනෙන් වියතක් පමණ පහලට දිග සායවල් අදින මෙන්ම ප්‍රසිද්ධ මුහුදු වෙරළවල් වල පවා බිකිනිය අදින කාන්තාවන් අද සමාජයේ බහුලය.

යම අයෙක් මෙය කොළබ ඉහල පැලැන්තියේ දෙයක් ලෙස හුවා දක්වති. නමුත් ප්‍රශ්නය බහුලව පවතින්නේ ඔවුන් අනුකරණය කිරීමට යන (වෙනත් ලෙසකින් කියනවානම් වෙන්න පොෂ් ) පිරිස අතරය. මක් නිසාද යත්  කුඩාකල සිට සංකර ලෙස හැදුන වැඩුන අය තමන්ගේ සීමාව හොද හැටි දනිති. ඊටත් අමතරව ඔවුන්ගේ ගති පැවතුම් වලට සමාන ගති පැවතුම් ඇති සමාජයක්ද සිටි. එහෙමත් නැත්නම් ධනය හා බල පුළුවන් කම නිසා අවසානයේ ඔවුන් අමාරුවේ නොවැටී ජිවත් වෙයි.

නමුත් ඔවුන් අනුකරණය කරන්නේ බොහෝවිට පහල මද්‍යම හෝ පහල පන්තියේ අයයි. ඔවුන්ට ධනය බලය මෙන්ම සංකර ගති පැවතුම් පිළිගන්නා සමාජයක්ද නැත. රුපය , තරුණකම තිබෙන තුරා සංකර ජීවිතය ගෙන ගියද අවසානයේ ජීවිතය අගාධයකට ඇදවැටී ඔවුහු අසරණ වෙති. මෙම සමාජයේ දැකිය හැකි විශේෂත්වය වන්නේ බොහෝවිට කෙල්ලන් 2,3 දෙනෙකු අමාරුවේ දමන පිරිමියා අවසානයේ හොද පවුල් ජිවිතයක් කරා එලබෙයි. නමුත් කාන්තාව අසරණ වෙයි.  ඇගලුම් කර්මාන්තය අශ්‍රිතව මෙබදු ක්‍රියා බහුලය. කාන්තාවන් රවටමින් මුදල් මෙන්ම ඔවුන්ගේ පතිවත සුරකන පිරිමින් එබදු පෙදෙස් වල බහුලය.

මීටත් වඩා භයනකම් වසංගතය උසස්පෙළ සිසු සිසුවියන් අතර මෙය පැතිරී යාමයි. යොවුන් වියට පා තබන ඔවුන් සමහරක් නොදැනුවත් කම නිසාවෙන් අසරණ වෙති. තවත් සමහරු කාමුකත්වය පසුපස යන වැඩිමල් පෙම්වතුන්ට හසු වෙති.

මේ අවස්ථාවේ මම මගේ පුද්ගලික අත්දැකීමක් සදහන් කරන්නට කැමැත්තෙමි. මමත් මගේ පෙම්වතියත් පේරාදෙණිය මල්වත්තට ගිය දවසක මම මෙයට මුහුණ දුන්නෙමි. මල්වත්ත ලග සිටින අය්යලා (මැදිවියේ ) තරුණ ජෝඩු දුටු විට තරුණයට කුමක් හෝ කටයුත්තකට කතා කරයි. පෙම්වතියට නොඇසෙන ලෙස ඔවුන් තරුණයන්ට පවසන්නේ ඔවුන්ට අවශ්‍යනම් කාමර සැපයීමට හැකි බවය. කාමරය මෙන්ම ප්‍රවහනයත් ,අවශ්‍යනම් උපත් පාලන කොපුවත් සැපයීමට ඔවුන් සුදානම්ය. අවාසනාවන්තම දෙය වනුයේ ඔවුන්ගේ කතා විලාසය බෙහෙවින් පොලබවන සුළු වීමය. තරුණයා කෙසේ හෝ නම්මවා ගැනීමට ඔවුන්ට ඇත්තේ තරුනියටත් වඩා උනන්දුවකි. අහිංසක තරුණ තරුණියන්ගේ ජිවිත විනාස කිරීම ඔවුන්ගේ රැකියාව වී ඇත. පේරාදෙණිය පමණක් නොව පෙම්වතුන් ගැවසෙන බොහොමයක් තැන වල මෙම අයියලා බහුලය.

මේ මුළු සමාජයම වසා සිටින පිළිලයක එක් කුඩා කොටසක් පමණයි. අවසානයේ පෙම්වතුන්ටද යමක් කීමට කැමැත්තෙමි. තමන්ගේ පෙම්වතියට සැබවින්ම ආදරය කරන පෙම්වතෙකු අනිවාර්යෙන්ම ලිංගික එකතුවීමක් වැනි අවධානමක් ගැනීමට පෙර බෙහෙවින් සිතා බැලිය යුතුය . මක නිසාද යත් තමන්ගේ එම ක්‍රියාව නිසා පෙම්වතියගේ මුළු ජිවිතයම අදුරු විය හැකි බැවිනි. එලෙසම පෙම්වතියත් තමන්ගේ පතිවත පුජ කිරීමට පෙර අනෙක් පුද්ගලයා එයට සිදුසු දැයි සිතා බැලිය යුතුය. කඩදාසියක දමන අත්සනට වඩා ආදරය උතුම්ය. නමුත් ඒ උතුම් ආදරය සමගම අනෙකාගේ ජීවිතය පිලිබදව වගකීමද තමන් සතුවන බවද මතක තබා ගත යුතුය.

අශ්චර්යෙන් වරුවක්….

පසුගිය මාස කිහිපයක් තිස්සේ පුහුණුව නිසාවෙන් කාලයක් තිස්සේ කාර්යබහුලව සිටි බැවින් සාමාන්‍ය සමාජය හා ගැටීමට තිබු කාලය ඉතා සුළු ප්‍රමාණ  වීය. කවිතා තරගාවලියේ පුහුණුවකට ලබාගත් නිවාඩුවක් නිසා ලැබුන සුළු  නිදහසින් කාලයක් තිස්සේ අතපසු වී තිබුන වැඩ කටයුතු කිහිපයක් කරගැනීමට සිතා උදෑසනම මහමගට පිවිසියෙමි.

පළමු නැවතුම් පොළ වුයේ මොරටුව ලංකා බැංකු ශාඛාවයි. ගනුදෙනු කරුවන්ගෙන් බහුතරය වුයේ ජිවිතයේ සැන්දෑ සමයේ පසුවන වැඩිහිටියන්ය…. මමත් අදාළ ලියකියවිලි පුරවාගෙන පෝලිමට එකතු උනෙමි…. පෝලිම කෙමෙන් කෙමෙන් ඉදිරියට යද්දී ලැබුන ටික වේලාවෙන් අවට සිදුවන දේ ගැන බලා සිටියෙමි…. එකවරම පිවිසුනේ ව්‍යාපාරික පෙනුමැති මැදි වියෙ අයෙකි..  පැය ගණනක් පොලොමේ සිටි අය ගැන ඔහුට ගණනක් වත නැත … නිලධාරියාට සිනවහක්  පෑ පමණින් සියලු වැඩ නැවතු නිලධාරියා ඔහුට කතා කර ඔහුට අදාළ සියලුම ගනුදෙනු කරදුනි  (චෙක් පත් කිහිපයක් තැන්පතු කිරීම .. මුදල් ආපසු ගැනීම ආදී වූ වැඩ මුදල් ආපසු ගැනීම ආදී වූ වැඩ කටයුතු සියල්ල කිරීමට විනාඩි 10  කට  අසන්න කාලයක් ගතවිය. )… ඒ නාටකය අවසාන වනවාත් සමගම පැමිණියේ තරු  කිහිපයකින් සැරසුන පොලිස් නිලධාරියෙකි ඔහුටද පෝලිමක් අදාළ නැත… ඔහුගේ සියලු කටයුතු අවසාන වන තුරුද පෝලිම එතැනමය…. මට පසු පසින් සිටි වයසක අත්තම්මා කෙනෙකු සිටියේ ඉතාම අපසහුවෙනි. මම මගේ වරය පැමිණි පසු ඇයට අවස්තාව දී පසුව මගේ කටයුත්තද ඉටු කරගෙන බැංකුවෙන් එලියට ආවේ මම සාමාන්‍යයෙන් ගනුදෙනු කරන පුද්ගලික බැංකුවේ හා මෙහි ඇති වෙනස ගැන කල්පනා කරමිනි…
එලියට පැමිණ වාහනයට නැගී ආපසු එන විට පාසල් වල බාලාංශ ඇරෙන වෙලාවය… මද වැස්සක් ඇදහැලෙමින් තිබුන බැවින් ටිකක් ප්‍රවේසමෙන් සෙමින් වහනය පදවාගෙන ආවෙමි… පාර පැනීමට සිටි අයෙකුට ඉඩ දීමට වහනය නවත්වද්දී එකවරම පසු පසුන් පැමිණි වැන් රථය නලාව හඩවමින් ලයිට් පත්තු කරමින් මගේ වහනයද ඉස්සර කරමින් ගියේ පාර පැනීමට ගිය මිනිසාගේ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමටය… පසුව තවත් ඉදිරියටම යද්දී ඒ වෑන් රථයම මට නැවත හමුවිය… පාසල් ළමුන ප්‍රවාහනය කරන එහි බාලාංශ ළමයි 10 ක පමණ සිටියහ.. දෙවන වරටත් මගේ වාහනයේ ගෑවී නො ගෑවී ඉස්සර කිරීමට පැමිණ අසමත් වූ වුට ලැබුණ අවස්ථවෙඑදී මම වීදුරුව පාත් කර රියදුරුට “තමුසේ මැරුණට කමක් නෑ ඔය ළමයින්ව මරන්න එපා ..”  කියා කෑ ගැසුවේ රිය පදවන අකාරය දැක ඇතිවූ අවේගයටමය…. නමුත් මට වඩාත්ම කලකිරෙන සිදුවීම වෙන්නේ ඉ ලගටය … එනම් ලැබුන පළමු වාරයේදීම වැන් රථය මා පසු කර යද්දී එහි සිටපු නෙදරුවන් මට හු හඬ දෙමින් විසුළු කරමින් ගියහ… ඔවුනට මේවා සෙල්ලම්ය… හයක්  හතරක් නොතේරෙන වයසේ ඉන්නා  පොඩි උන්ගේ මොලයද විනාස කොට හමාරය… වෑන් අන්කල් රේස් යනකොට පොඩිවුන් ටිකට චුන්ය… ඕවා දකිමින් හැදෙන පොඩි එකා උස මහත් වී පාරේ වහාන එළවන්නේ ද වෑන් අන්කල් වගේය….

වැරැද්ද මා ඉගෙන ගත එකද? නැත්නම් සිරිත් විරිත් කියාදුන් අම්මලා තාත්තලා හා ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන්ගේද? නැත්නම් මම උපදුනේ වැරදි සමාජයකදයි සිතමින් පාරේ සිටින මග මරුවන්ගෙන් පන බේරාගෙන වැස්සේම ආපසු ගෙට ගොඩ වුනෙමි…

ලක් වැසියනි අවදිවව් …….

2011 වසරේ ජුලි වන දින එනම් ඇසල පුන් පොහෝ දිනට පසු දින මම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන්  වැදපුදාගනිමට ගියෙමි. හදිස්සියේම යෙදුන ඒ ගමනට හේතු රැසක් තිබුනද මෙම ලිපිය ලියන්නට හේතුව ඒවායින් කිසිවක් නොව අති පුජනිය ශ්‍රී මහා බෝ සමිදුන් පෙනන මානයේ දී මාගේ ඇස ගැටුන ගැටුන දර්ශන කිහිපයකි.

සාමාන්‍යයෙන් සෑම පුන් පොහෝ දිනයකම ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදාගනිමට හා  සිල් සමාදන් වීමට දහස්‌ ගණනින් බැතිමතුන් අනුරාධපුරයට පැමිණෙති. එසේ පැමිණෙන බැතිමතුන් නිසා පොහෝ දිනවලදී එම ප්‍රදේශය ඉතා කාර්යබහුල වේ.අදාළ බලධාරීන් විසින් එම බැතිමතුන්ට අවශ්‍ය සනීපාරක්ෂක හා අනෙකුත් පහසුකම් සැපයීම සදහා විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කලද විශාල පිරිසක් උදෙසා එවැනි පහසුකම් සැපයීමේදී විශාල වශයෙන් ප්‍රයෝගික ගැටළු ඇතිවේ.එවැනි ගැටළු පිලිබදව ජනතාව දැනුවත් කිරීමට හා බලධාරීන් විවේචනය කිරීමට ඕනෑ තරම් පිරිස් සිටිති. නමුත් මා මෙසේ ඔබව දැනුවත් කිරීමට යන වරදට වග කිවයුත්තේ බලධාරීන් හෝ ආණ්ඩුව නොව අපමය. එනම් රටේ ජනතාවය.

පහත දැක්වෙන ජයාරූප පෙළ මාගේ ජංගම දුරකතනයේ කැමරාවේ සටහන් වුයේ ඇසල පුන් පොහෝ දිනට පසු දින  අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පිහිටි පහන් දල්වන ස්ථානයේදීය.

දේශප්‍රේමින් , දේශද්‍රෝහීන් හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන නිතරම කතාබස් කිරීම නිසා මෙන්ම කෙළවරක් නැති මැතිවරණ හමුවේ හෙම්බත්ව සිටින සිංහලයාට දැල්වූ හදුන්කුරේ හිස් පෙටිටිය අසල තිබෙන කුණු කුඩයට දැමීමට අමතක වී ඇති බවක් පෙනේ.  සිංහල ජාතියේ උතුම්කම ගැන උදම් අනන , කෙනෙකු තම ජාතිය ගැන පහත් කොට කතාකරන විට අතිශයින් කෝපවන වත්මන් සිංහලයන්ට තමන්ගේ යුතුකම් පිලිබදව අමතක වී ඇත්තාසේය. යම් අයෙකුගේ කීමට වීරයා එ‍ක රැයට ද්‍රෝහියා කිරීමට සමත් ඔවුනට  හදුන්කුරු පෙටිටිය අසල තිබෙන කුණු කුඩයට දමියයුතු යයි කීමටද තවත් අයෙකු ඉදිරිපත් විය යුතු තරමට ඔවුන් අන්ධ වී ඇතිබව පෙනේ. මෙය එක් අවස්ථාවක පමණි. රට වැසියා නිතර යන එන ඕනෑම ස්ථානයක මෙවැනි දර්ශන ඕනෑ තරම් දැකගත හැක. ජාතියක් වශයෙන් සිංහලයාගේ හික්මීම පිරිහියන බව මෙයින් මොනවට පැහැදිලි වේ. අවසාන වශයෙන් මට කීමට ඇත්තේ ,

ආදරණිය සිංහලයනි ,

එදින එම ස්ථානයට පැමිණ සිටි විදේශිකයන් ඉහත දර්ශන පෙළ දැක එකිනෙකාට පහත් හඩින් යම් යම් දේ මුමුණනු දැක මාගේ ජාතිය ගැනම කලකිරුන තවන් සිංහලයෙකු ලෙස ඔබ සැමගෙන් එක දෙයක් ඉල්ලා සිටිමි. එනම් කරුණාකර අන් අයගේ කීමට එකිනෙකාට ඇගිලි දික්කිරිම නවතා අප අපගේම වැරදි සදාගතයුතු කාලය එලබතිබේ.