අශ්චර්යෙන් වරුවක්….

පසුගිය මාස කිහිපයක් තිස්සේ පුහුණුව නිසාවෙන් කාලයක් තිස්සේ කාර්යබහුලව සිටි බැවින් සාමාන්‍ය සමාජය හා ගැටීමට තිබු කාලය ඉතා සුළු ප්‍රමාණ  වීය. කවිතා තරගාවලියේ පුහුණුවකට ලබාගත් නිවාඩුවක් නිසා ලැබුන සුළු  නිදහසින් කාලයක් තිස්සේ අතපසු වී තිබුන වැඩ කටයුතු කිහිපයක් කරගැනීමට සිතා උදෑසනම මහමගට පිවිසියෙමි.

පළමු නැවතුම් පොළ වුයේ මොරටුව ලංකා බැංකු ශාඛාවයි. ගනුදෙනු කරුවන්ගෙන් බහුතරය වුයේ ජිවිතයේ සැන්දෑ සමයේ පසුවන වැඩිහිටියන්ය…. මමත් අදාළ ලියකියවිලි පුරවාගෙන පෝලිමට එකතු උනෙමි…. පෝලිම කෙමෙන් කෙමෙන් ඉදිරියට යද්දී ලැබුන ටික වේලාවෙන් අවට සිදුවන දේ ගැන බලා සිටියෙමි…. එකවරම පිවිසුනේ ව්‍යාපාරික පෙනුමැති මැදි වියෙ අයෙකි..  පැය ගණනක් පොලොමේ සිටි අය ගැන ඔහුට ගණනක් වත නැත … නිලධාරියාට සිනවහක්  පෑ පමණින් සියලු වැඩ නැවතු නිලධාරියා ඔහුට කතා කර ඔහුට අදාළ සියලුම ගනුදෙනු කරදුනි  (චෙක් පත් කිහිපයක් තැන්පතු කිරීම .. මුදල් ආපසු ගැනීම ආදී වූ වැඩ මුදල් ආපසු ගැනීම ආදී වූ වැඩ කටයුතු සියල්ල කිරීමට විනාඩි 10  කට  අසන්න කාලයක් ගතවිය. )… ඒ නාටකය අවසාන වනවාත් සමගම පැමිණියේ තරු  කිහිපයකින් සැරසුන පොලිස් නිලධාරියෙකි ඔහුටද පෝලිමක් අදාළ නැත… ඔහුගේ සියලු කටයුතු අවසාන වන තුරුද පෝලිම එතැනමය…. මට පසු පසින් සිටි වයසක අත්තම්මා කෙනෙකු සිටියේ ඉතාම අපසහුවෙනි. මම මගේ වරය පැමිණි පසු ඇයට අවස්තාව දී පසුව මගේ කටයුත්තද ඉටු කරගෙන බැංකුවෙන් එලියට ආවේ මම සාමාන්‍යයෙන් ගනුදෙනු කරන පුද්ගලික බැංකුවේ හා මෙහි ඇති වෙනස ගැන කල්පනා කරමිනි…
එලියට පැමිණ වාහනයට නැගී ආපසු එන විට පාසල් වල බාලාංශ ඇරෙන වෙලාවය… මද වැස්සක් ඇදහැලෙමින් තිබුන බැවින් ටිකක් ප්‍රවේසමෙන් සෙමින් වහනය පදවාගෙන ආවෙමි… පාර පැනීමට සිටි අයෙකුට ඉඩ දීමට වහනය නවත්වද්දී එකවරම පසු පසුන් පැමිණි වැන් රථය නලාව හඩවමින් ලයිට් පත්තු කරමින් මගේ වහනයද ඉස්සර කරමින් ගියේ පාර පැනීමට ගිය මිනිසාගේ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමටය… පසුව තවත් ඉදිරියටම යද්දී ඒ වෑන් රථයම මට නැවත හමුවිය… පාසල් ළමුන ප්‍රවාහනය කරන එහි බාලාංශ ළමයි 10 ක පමණ සිටියහ.. දෙවන වරටත් මගේ වාහනයේ ගෑවී නො ගෑවී ඉස්සර කිරීමට පැමිණ අසමත් වූ වුට ලැබුණ අවස්ථවෙඑදී මම වීදුරුව පාත් කර රියදුරුට “තමුසේ මැරුණට කමක් නෑ ඔය ළමයින්ව මරන්න එපා ..”  කියා කෑ ගැසුවේ රිය පදවන අකාරය දැක ඇතිවූ අවේගයටමය…. නමුත් මට වඩාත්ම කලකිරෙන සිදුවීම වෙන්නේ ඉ ලගටය … එනම් ලැබුන පළමු වාරයේදීම වැන් රථය මා පසු කර යද්දී එහි සිටපු නෙදරුවන් මට හු හඬ දෙමින් විසුළු කරමින් ගියහ… ඔවුනට මේවා සෙල්ලම්ය… හයක්  හතරක් නොතේරෙන වයසේ ඉන්නා  පොඩි උන්ගේ මොලයද විනාස කොට හමාරය… වෑන් අන්කල් රේස් යනකොට පොඩිවුන් ටිකට චුන්ය… ඕවා දකිමින් හැදෙන පොඩි එකා උස මහත් වී පාරේ වහාන එළවන්නේ ද වෑන් අන්කල් වගේය….

වැරැද්ද මා ඉගෙන ගත එකද? නැත්නම් සිරිත් විරිත් කියාදුන් අම්මලා තාත්තලා හා ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන්ගේද? නැත්නම් මම උපදුනේ වැරදි සමාජයකදයි සිතමින් පාරේ සිටින මග මරුවන්ගෙන් පන බේරාගෙන වැස්සේම ආපසු ගෙට ගොඩ වුනෙමි…

One thought on “අශ්චර්යෙන් වරුවක්….

  1. වරද ඇත්තේ පවතින ක්‍රමයෙහිය… සමාජය පිරිහී හමාරය , නීතීය බලු වී හමාරය , අධ්‍යාපනය වැනසී හමාරය … එහෙත් තවමත් බිත්තර වී ගෝනියකට , කපාහැරී බැංකු ණයකට , ගැත්තන් බවට පත්වී 61% ක ප්‍රතිශතයකින් පවතින දුෂණ , වංචා වලට උල්පන්දම් දෙන තුරු , තණ උලා කන දෙපා ගවයින් බලා සිටී… හඬක් නගන්නට විපක්ෂයක් අද නැත!! වරදක් , වරදක් ලෙස පෙන්වා දෙන ජන නායකයින් අද නැත!!! 1971 න් පසු බිහිවූ , නව ලිබරල් වාදයේ ගැත්තන් පමණක් , තම මඩිය තර කරගනිමින් අද සුවසේ ජීවත් වෙති!!! අපද එහි කොටස්කරුවෝ වෙමු!! එපමණකි!! වටිනා , කාලීන ලිපියක්…

Leave a comment